Paperback è වල්මත් වී හසරක්
[PDF] ✪ වල්මත් වී හසරක් නුදුටිමි By එදිරිවීර සරච්චන්ද්‍ර – Buyprobolan50.co.uk ලංකාවේ අවුරුදු විසි පහකට පමණ උඩ දී තිබූ සංකෘතික හා දේශපාලන තත්ත්වය පසුබිම් ලංකාවේ අවුරුදු විසි පහකට පමණ උඩ දී තිබූ සංකෘතික හා දේශපාලන තත්ත්වය පසුබිම් කොට ඇති මේ නවකථාවෙහි නිරූපණය වන්නේ බටහිර ශිෂ්ටාචාරය වැලඳගත් මධ්‍යම පන්තිකයන්ගේ ජීවිතය ය එම පංතියෙන් පැන නැගුණු කථකයා ආර්ථික වශයෙන් පහළ මැද පන්තියට අයත් යයි කිව හැකි ඔහුගේ මිත්‍රයා වන උපාලි සමරජීවගේ ඇසුර හේතු කොටගෙන තම පරිසරය දෙස විචාරාක්ෂියෙන් බලන්නට පුරුදු වේ දෙදෙනා ම එකතරා විදියක පරමාර්ථ ගවේෂකයෝ වෙති ස්වකීය ජීවිතයේ ඇති අධ්‍යාත්ම නිස්සාරත්වයට පිළියමක් සොයන ඔවුහු මුල දී භාරතීය දර්ශනය හා භාරතීය සංස්කෘතිය වෙත යයි උපාලි සමරජීව භාරතීය සංස්කෘතිය අවබෝධ කරගෙන එයින් අධ්‍යාත්ම තෘප්තියක් ලබන නමුදු බටහිර ශිෂ්ටාචාරය හා චින්තන ක්‍රම අනුව වල්මත් වී ePUB ´ හැඩ ගැසුණු කථකයාට එතරම් සාර්ථක ලෙස තම මිතුරා ලබන ආස්වාදයට සහභාගි විය නොහැකි ය උපාලි ඉන්දියාව බලා යන අතර කථකයා විවාහ වී වෛද්‍ය වෘත්තිය සඳහා ඉහළ උපාධි ලබාගැනීමට එංගලන්තයට යයි තමා බටහිර ශිෂ්ටාචාරයට අනුව හැදුණු වැඩුණු කෙනෙකු වූ නමුදු බටහිර ජීවිතයට අනුකූල ව වුව ද තමාට හැඩ ගැසිය නොහැකි බව ඔහුට එහි දී වැටහේ තමා පෙරදිග හා අපරදිග යන දෙලොවට ම අයිති නැති පුද්ගලයෙකු බව ඔහු අවබෝධ කර ගනියි එංගලන්තයෙහි දී සෙසු ලාංකිකයන් ගත කරන ජීවිතය දකින ඔහු හා ඔහුගේ බිරිඳ තුළ චර්යාධර්මය පිළිබඳ ඇති වන ආකූල තත්ත්වය හේතු කොටගෙන ඔවුන්ගේ විවාහ ජීවිතය ද කඩා කප්පල් වේ.